fbpx

නිර්ව්‍යාජත්වය ආරක්ෂා කරගනිමින් සජිත් ප්‍රේමදාස පදනම් විරහිත චෝදනාවනට මුහුණ දෙයි

දේශපාලනඥයන් සිදු කළ වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සාක්ෂි සහිතව දිනෙන් දින සත්‍ය තොරතුරු අනාවරණය වන වටපිටාව තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගෙන ව්‍යාජ අසත්‍ය තොරතුරු ඇතුළත් චරිත ඝාතන මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු තිබේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එන්. වී. ටී. ධම්මික නම් යන අයකු විසින් සිදු කරන ලද ව්‍යාජ තොරතුරු හා දත්ත ඇතුළත් දේශපාලන පක්ෂග්‍රාහී විගණන වාර්තාවක් පදනම් කර ගෙන ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙකී දූෂණ අක්‍රමිකතා සම්බන්ධ ව්‍යාජ චෝදනා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනශීලීව බැලීමේදී මෙකී විගණනයත් එම විගණනය සිදු කළ පුද්ගලයා සම්බන්ධයෙනුත් බරපතළ සැක සහිත කරුණු ගණනාවක් මෙන් ම විෂමතා රැසක් ද හෙළිදරව් වී තිබේ.

කවුද මේ එන්. වී. ටී. ධම්මික කියන්නේ

තුෂාර ධම්මික විතානගේ හෙවත් එන්. වී. ටී. ධම්මක නැමැති පුද්ගලයා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධිත වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ කාරක සභිකයකු වේ. මොහු වී. ආර්. එස්. ක්‍රමය යටතේ සේවය හැර ගිය අයකු ද වේ. එසේ සේවය හැර ගිය අයකුට කිසිදු අවස්ථාවක නැවතත් රාජ්‍ය සේවයට එක්විය නොහැකි ලෙස චක්‍රලේඛයක් ද පැවතියත් එම චක්‍රලේඛ ද උල්ලංඝනය කරමින් පොහොට්ටු වෘත්තීය සමිතියේ බල කිරීම මත කිසිදු සුදුසුකමක්වත් නොමැති මෙම පුද්ගලයා ව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන තනතුරේ රාජකාරි කටයුතු ආවරණය සදහා පත් කරනවා. මේ යුනියන් එකේ ලේකම් කුරේ උප සභාපති චාලුක නිරංජන් 2020 පෙබරවාරි 18 ලියන ලිපියක් මඟින් මොහුව වැඩබලන අභ්‍යන්තර විගණන තනතුරට පත් කරවනවා. එසේ ම 2020 පෙබරවාරි 18 වැනිදා පොදු පෙරමුණ යුනියන් එකේ බලකිරීමේ ප්‍රතිඵල ලෙස 2021 මැයි 5 සිට එන්. වී. ටි. ධම්මික ප්‍රධාන අභ්‍යන්තර විගණන තනතුරේ රාජකාරි කටයුතු ආවරණය සදහා පත් කරනවා.

 

 

 

 

විගණන තනතුරක වැඩ කිරීමට අවශ්‍ය සුදුසුකම්

අභ්‍යන්තර හෝ බාහිර විගණන කෙනෙක්ට තිබිය යුතු සුදුසුකම් ටිකක් තිබෙනවා. සංස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක ආයතනයක හෝ කීර්තිමත් පුද්ගලික ආයතනයක කළමනාකරන මට්ටමේ වසර 12ක පළපුරුද්දක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පිළිගත් අදාළ කළමනාකරන වානිජ ක්ෂේත්‍රයේ ප්‍රථම උපාධියක් සහ වරලත් ගණකාධිකාර මණ්ඩලයේ හෝ බි්‍රතාන්‍යයේ පිළිගත් සහතිකයක් තිබිය යුතු යි.  එන්. වී. ටී. ධම්මක උසස් පෙළ වානිජ සහ මූල්‍ය අසමත්. ඒ. ඒ. ටී. සම්පූර්ණ කරල නැහැ. සුදුසුකම් නැහැ.

 

 

 

නීති විරෝධී ප්‍රතිබල ගැන්වීම සහ වෘත්තීය සමිති ප්‍රතිචාර

තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරවමින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික නැවත පත්කිරීම උදෙසා රජය විසින් කටයුතු කිරීම තුළ බරපතල නීති ගැටලු රැසක් ඉස්මතු වේ. එවැනි නැවත පත්කිරීම් තහනම් කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝණය කරමින් එන්. වී. ටි. ධම්මිකට නැවත සේවයට පැමිණීමට හැකිවීම වූකලි මෙම ආන්දෝලනාත්මක විගණය වෙනුවෙන් ඔහු වෙත පිරිනමන ලද ත්‍යාගයක් වේ. මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව වෘත්තීය සමිති විසින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කරන ලද පැමිණිලි මඟින් මෙම තත්ත්වයෙහි බරපතල බව තවදුරටත් අවධාරණය කරවනු ලබයි.

 

 

මහින්දානන්ද අලුත්ගමගේ විසින් ස්ථාවර නියෝග සහ වරප්‍රසාදවලට මුවාවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම ව්‍යාජ විගණනය ජනතාව වෙත ගෙන යාමට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය පුවත්පතක් වන ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පත කටයුතු කර ඇති අතර ඔවුන් සම්පූර්ණ පිටුවක මෙම ව්‍යාජ විගණනය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරමින් මඩ ව්‍යාපාරය තවත් පුළුල් කිරීමට කටයුතු කර තිබේ.

මෙවැනි අසත්‍ය චෝදනා සඳහා රාජ්‍ය දේපල අවභාවිත කිරීම කූඨ ලේඛන සකස් කිරීම චරිත ඝාතනය යනාදී චෝදනා පදනම් කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නීතියේ පිළිසරණ පැතීමට තීරණය කර තිබේ. පාරදෘශ්‍යභාවය, ආචාර ධාර්මික පාලනය සහ ජනතා සුබසිද්ධිය සඳහා වූ කැපවීම සඳහා ඔහු දක්වන නොසැලෙන අදිටන ඔහුගේ අව්‍යාජත්වය පිළිබඳ සාක්ෂියකි. මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ප්‍රේමදාසයන් විසින් දේශපාලන පළිගැනීම් උදෙසා රාජ්‍ය යාන්ත්‍රණ උපයෝගි කරගැනීම පිළිබඳ සිය බලවත් කම්පනය හා කණගාටුවද ප්‍රකාශ කර ඇත. රටට – ජාතියට සහ එහි පුරවැසියන්ටද සේවය කිරීම උදෙසා වූ සිය නොසැලෙන කැපවීම නැවතත් තහවුරු කරමින් මෙම චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින ඔහු, සාධාරණත්වයට සහ නිසි ක්‍රියාවලියට අනුගත වන ලෙසද ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවශ්‍යතාවට එම පක්ෂයේ වෘත්තීය සමිතියේ වුවමනාවට එන්. වී. ටී. ධම්මික නම් වෘත්තිය සමිති සාමාජිකයාව බලහත්කාරයෙන් කිසිම සුදුසුකමක් නොමැතිව විගණන තනතුරකට පත් කිරිම තුළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ රැසක්ම උල්ලංඝනය කිරීමට පොහොට්ටු වෘත්තීය සමිතිය කටයුතු කර තිබේ. එය සුදුසුකම් ඇති අයකුට ඇති රැකියා අවස්ථාවක් අහිමි කිරීමක් ද වේ. එසේම මෙය හුදෙක්ම චරිත ඝාතනය කිරීමේ අරමුණින් සිදු කරන ලද රාජ්‍ය දේපල පරිහරණයක් ලෙස ද දැක්විය හැකි ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය දේපල අයුතු ලෙස භාවිත කළ බවට වන ව්‍යාජ තොරතුරු සමාජ ගත කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සක් පෙරමුණ හෙවත් පොහොට්ටුවේ වෘත්තීය සමිති සාමාජිකයන් සහ ඊට අනුබල දුන් අනෙකුත් සියලු පාර්ශ්වය රාජ්‍ය දේපල අයුතු ලෙස පරිහරණය කර ඇති බැව් මෙම ලිපි තුළින් සනාථ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *